උතුරු ඉන්දීය කලාපයේ මෝසම් වැසි බලපෑම් මිලියන 3ක් ඉක්මයි


උතුරු සහ ඊසානදිග ඉන්දියාවට බලපා ඇති මෝසම් වැසි තත්ත්වයත් සමග ඇති වූ ගංවතුර හා නායයෑම් නිසා මිලියන තුනකට අධික ජනතාවක් අවතැන්ව ඇති බව වාර්තා වෙයි.

මෙම අයහපත් කාලගුණය හේතුවේන මේ වනවිටත් ජීවිත 130ක් අහිමි වී ඇති අතර, එය නේපාලය, බංග්ලාදේශය සහ ඉන්දියාව යන රටවලට බලපෑ දැඩි ගංවතුර හා නායයෑම් නිසාය.

මෙම අයහපත් කාලගුණයෙන් නේපාලයෙන් පමණක් පුද්ගලයන් 67ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් පුද්ගලයන් 30ක් අතුරුදන්ව සිටියි. මේ අතර තවත් පුද්ගලයන් 38 දෙනෙකු තුවාල ලබා තිබේ.

බංග්ලාදේශයට බලපෑ මෙම අයහපත් කාලගුණය එරට රොහින්ග්‍යා කඳවුරු වෙතද බලපෑමක් කර ඇති අතර, මෙම වැසි තත්ත්වය ඉදිරියේදී තවදුරටත් වර්ධනය විය හැකි බවද කාලගුණ අංශ නිවේදනය කරයි.



Recommended Articles