අප්‍රිකානු ඌරු උණ රෝගය වැළඳුණු ඌරෙකු උතුරු හා දකුණු කොරියානු දේශසීමා වෙන්වන හමුදා මුක්ත කලාපයේදී හමුවී තිබේ.
මෙම වෛරසය මෑතකදී දකුණු කොරියාවෙන් වාර්තා වී තිබුණත්, මෙම ආරක්ෂිත දේශසීමාව හරහා හුවමාරු වන ඌරන්ගෙන් මෙය පැමිණෙන්නට ඇති බවට සැක මතු වූ ප්‍රථම අවස්ථාව මෙයයි.
මෙම වසරේ මැයි මාසයේදී උතුරු කොරියාවෙන් ප්‍රථම වරට මෙම ඌරු උණ පිළිබඳ වාර්තා වූ අතර, මෙය දකුණු කොරියාව වෙත පැමිණීම වැළැක්වීමට ඔවුන් දැඩි පියවර ගනු ලැබිණි.
නමින් හමුදා මුක්ත කලාපයක් ලෙස නම් කෙරුණද, ලොව වැඩිම ආරක්ෂිත භට පිරිස් රඳවා සිටින ස්ථානයක් ලෙස මෙම කලාපය හඳුන්වාදිය හැකිය.
උතුරු කොරියාව හා දකුණු කොරියාව අතර කිලෝමීටර් 4ක් පළලට විහිදුණු මෙම කලාපය, අධික බිම්බෝම්බ ප්‍රමාණයක් පවතින කලාපයක් ලෙසද සැලකෙයි.
මේ අතර, ඌරු උණ වාර්තා වීමත් සමග පසුගිය කාලයේදී දකුණු කොරියාව තුළ ඌරන් 10,000ක් පමණ මියගිය අතර, ආසියාව පුරා මෙම වෛරසයෙන් ඌරන් මිලියන හයකට පමණ මෙම වෛරසය වැළඳී තිබුණි.