උගන්ඩාවේ කම්පාලා අගනුවර ඇති වූ ගින්නකින් සෙනසුරාදා පාසල් සිසුන් හතර දෙනෙකු මිය ගිය බව පොලිසිය පවසයි.
කම්පාලා මෙට්‍රොපොලිටන් ප්‍රදේශයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේ, කම්පාලා තදාසන්න ප්‍රදේශයක් වන ක්වෙම්පේ කොට්ඨාශයේ පාසලක නේවාසිකාගාරයකින් අලුයම 3.00 ට පමණ ගින්න හරගෙන ඇති බවයි.
"සිසුවියන් හතර දෙනෙකු මියගොස් ඇති බව තහවුරු වී ඇති අතර තිදෙනෙකු බරපතල තුවාල ලබා කිසෝවෙරා කලාපයේ පිහිටි ක්යාදොන්ඩෝ රෝහලට රැගෙන ගොස් තිබෙනවා" ගින්නට හේතුව පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බවද පොලීසිය පැවසීය.
ගින්න හටගැනීමෙන් පසු පොලිසිය දැනුවත් කිරීමට පාසලේ හිමිකරුවන් අපොහොසත් වූ බවත්, එය මරණයට හා තුවාලකරුවන් වැඩිවීමට හේතු වූ දැඩි නොසැලකිලිමත් ක්‍රියාවක් බවත් ඔහු පැවසීය.
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් වසර දෙකකට ආසන්න කාලයක් අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් වසා දැමීමෙන් පසු උගන්ඩාවේ පාසල් ජනවාරි 10 වැනි දින නැවත විවෘත කරන ලදී.