උගන්ඩාවේ කම්පාලා අගනුවර සෙනසුරාදා සිදුවූ පිපිරීමකින් පසුව සන්සුන්ව සිටින ලෙස උගන්ඩා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා තිබේ.
ප්‍රකාශක ෆ්‍රෙඩ් එනංගා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ රාත්‍රී 9.00 ට පමණ ඇති වූ මෙම සිද්ධිය වටා ඇති වාතාවරණය තහවුරු කර ගැනීමට පොලීසිය උත්සාහ කරන බවයි. කොම්බම්බෝග උප නගරයක පිහිටි ජනප්‍රිය අවන්හලක සිදුවූ මෙම පිපිරීමෙන් එක් අයෙකු මියගොස් තවත් හත් දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් භාරගෙන නොමැත. උගන්ඩාවේ බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ තානාපති කාර්යාල එරට වැසියන්ට ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධ ආරක්ෂක අනතුරු ඇඟවීම් නිකුත් කර දින කිහිපයකට පසු මෙම පිපිරීම සිදුව තිබේ.