උගන්ඩාවේ ම්බාලේ නගරයේ ඇති වූ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ ගොස් ඇති බව උගන්ඩා රතු කුරුස සංවිධානය පවසයි.
සෙනසුරාදා රාත්‍රියේ නගරයට අධික වර්ෂාපතනයක් ඇති වූ අතර, නාමතල ගංඟාව සහ නෂිබිසෝ ගංඟාවල ඉවුරු කැඩී ගොස් තිබේ.
එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වූ ගංවතුර හේතුවෙන් නගරයේ විවිධ ප්‍රදේශ විනාශ වූ අතර, ගොඩනැගිලි, දේපළ විනාශ විය. මේ වනවිට බොහෝ නිවාස වාසයට සුදුසු තත්ත්වයක නොමැති බව කියයි.
පොලිසිය, හමුදාව සහ රතු කුරුස සංවිධානය සම්බන්ධව සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් තවමත් සිදුවෙමින් පවතී.
මින් ඉදිරියට මෙවැනි සිදුවීම් ඇති නොවීමට ගං ඉවුර ආශ්රිත ඉඩම්වල වෙසෙන ජනතාවට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස පොලිසිය දැනුම් දී ඇත.