උගන්ඩාවේ අගනුවර නව අවුරුදු සැමරුම් උත්සවය අතරතුර සාප්පු සංකීර්ණයක ඇති වූ තෙරපීමකින් මියගිය සංඛ්‍යාව 10ක් දක්වා ඉහළ ගොස් ඇති බව එරට උප ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ඔහු සඳහන් කළේ එරට පොලිසිය උත්සවයේ සංවිධායකවරයාට මිනීමැරුම් චෝදනාවක් ගොනුකරන බවය.
කම්පාලා හි එම ස්ථානයට ගිය උප ජනාධිපති ජෙසිකා අලුපෝ මාධ්‍යවේදීන්ට පැවසුවේ ෆ්‍රීඩම් සිටි මාල් භූමියේ ගිනිකෙළි සංදර්ශනයක් නැරඹීමට තනි දොරකින් පිටවීමට උත්සාහ කළ සිය ගණනක් මෙසේ තේරපීමට ලක්ව ඇති බව පැවසීය.
මියගිය අය අතර වයස අවුරුදු 10ත් 17ත් අතර ළමයින් සිව් දෙනෙකුද වේ. බාලවයස්කරුවන් එවැනි උත්සව සඳහා වගකිව යුතු වැඩිහිටියෙකු විසින් කැටුව යා යුතු බැවින් ඔවුන් උත්සවයට ප්‍රවේශ වූයේ කෙසේදැයි විමර්ශනය කරන බවද පොලිසිය පැවසීය.