උගන්ඩා ජනපති ලොව දැඩිම සමලිංගික නීති හඳුන්වා දෙයි


උගන්ඩාවේ ජනාධිපති යොවේරි මුසවේනි විසින් ජාත්‍යන්තරයේ බලපෑම් නොතකා ලොව දරුණුතම LGBTQ විරෝධී නීති කිහිපයකට අත්සන් කර තිබේ.

බාලවයස්කාර දරුවෙකු සමඟ ලිංගිකව එක්වීම, HIV ආසාදිතව සිටියදී ලිංගිකව එක්වීම සහ අනියම් සබඳතාවයන් ඇතුළත් 'උග්‍ර වූ සමලිංගිකත්වය' සඳහා මරණ දණ්ඩනය මෙම පනත් කෙටුම්පතට ඇතුළත් වේ.

මෙම පනත් කෙටුම්පත සමලිංගික ප්‍රජාව සඳහා ලිංගික අධ්‍යාපනය අපරාධයක් බවට පත් කරන අතර, උග්‍ර සමලිංගිකත්වයේ අපරාධකරුවන් ලෙස හඳුන්වන දේ පොලිසියට හෙළි නොකිරීම නීති විරෝධී කර තිබේ.

මුසවේනි මෙම වසර මුලදී සංශෝධන සඳහා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට යවා තිබූ අතර, පනතේ නවතම අනුවාදය මේ මස මුලදී සම්මත විය.

උගන්ඩාවේ දිගුකලක් පුරා ජනාධිපති ධුරයේ රැඳී සිටින මුසවේනි දැනටමත් මෙම නීතිය සම්බන්ධයෙන් එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල පුළුල් විවේචනවලට මුහුණ දී සිටී.



Recommended Articles