උගන්ඩා ඇමති දියණිය පියාට එල්ල කළ වෙඩි පහරින් මරුට


උගන්ඩාවේ රජයේ ආමත්‍යවරයෙකු රැගත් මෝටර් රථයකට තුවක්කුකරුවන් එල්ල කළ වෙඩි වරුසාවකින් අමාත්‍යවරයාගේ ජීවිතය ආරක්ෂා වී එහි ගමන්ගත් ඔහුගේ දියණිය සහ රියදුරා ජීවිතක්ෂයට පත්ව තිබේ.

කම්පාලා නුවරින් බැහැර කියසාසි නගරයේදී කාර්යභාර හා ප්‍රවාහන අමාත්‍ය ජෙනරාල් කටුම්බා වමලා රැගත් වාහනයකට යතුරුපැදි ප්‍රහාරකයන් සිව් දෙනෙකු මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත.

හිටපු හමුදාපතිවරයෙකු වන ජෙනරාල් කටුම්බා වමාලා මෙම ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.



Recommended Articles