උ.කොරියාවේ අත්හදා බැලීම නව සබ්මැරීන් මිසයිලයක්ලු


උතුරු කොරියාව විසින් සබ්මැරීනයක් දියත් කළ බැලිස්ටික් මිසයිලයක් අත්හදා බැලූ බව සනාථ කර ඇති අතර එය මැයි මාසයේ සිට සිදු කරන ලද කෙටි දුර පරීක්ෂණවල උච්චතම අවස්ථාවකි.

බදාදා දියත් කරන ලද මිසයිලය, මේ වසරේදී උතුරු කොරියාව සිදුකළ 11 වැනි මිසයිල අත්හදා බැලීම වන අතර, මෙම මිසයිලය නැගෙනහිර ජපාන මුහුද වෙත පතිත වී තිබේ.

එක්සත් ජනපදය සමඟ න්‍යෂ්ටික සාකච්ඡා නැවත ආරම්භ කරන බව උතුරු කොරියාව පැවසීමෙන් පැය කිහිපයකට පසුව මෙය සිදුවීමද විශේෂත්වයකි.

කෙසේ වෙතත්, වොෂිංටන් සහ ටෝකියෝ මෙම මිසයිල අත්හදා බැලීම හෙළා දැක තිබේ.

උතුරු කොරියානු ප්‍රවෘත්ති ඒජන්සිය පසුගියදා පවසා සිටියේ, වොන්සන් බොක්කෙන් ඔබ්බෙන් වූ මුහුදේ සබ්මැරීනයකින් සිරස් ආකාරයෙන් දියත් කළ බැලස්ටික් මිසයිලයක් (එස්එල්බීඑම්) නැගෙනහිර ජපාන මුහුදට පතිත වූ බවයි.

උතුරු කොරියානු නායක කිම් ජොන්-උන් මෙම අත්හදා බැලීමට සිය උණුසුම් සුබ පැතුම් එක්කර තිබුණි.



Recommended Articles