උ.කොරියාවෙන් තවත් මිසයිල අත්හදා බැලීමක්


උතුරු කොරියාව තවත් කෙටිදුර බැලස්ටික් මිසයිලයක් දියත් කර ඇති බව දකුණු කොරියානු ආරක්ෂක අංශ අනාවරණය කරයි.

දකුණු කොරියාවේ ඒකාබද්ධ හමුදා ප්‍රධානී පෙන්වා දෙන්නේ, උතුරු කොරියාවේ බටහිර වෙරළ තීරයේ ටොන්ග්චැන්ග්-රී ප්‍රදේශයේ සිට දියත් කෙරුණු මෙම මිසයිලය කිලෝමීටර් 800ක පමණ දුරක් ගමන් කළ බවයි.

මෙම සතියේ උතුරු කොරියාව විසින් දියත් කරන ලද මිසයිල මාලාවේ තෙවැනි මිසයිලය ලෙස මෙය සැලකෙන අතර, ඇමෙරිකාව සහ දකුණු කොරියාව විසින් පසුගිය මාර්තු 12දා සිට 23දා සිදුකරන ඒකාබද්ධ හමුදා අභ්‍යාසයන්ට ප්‍රතිචාර ලෙස උතුරු කොරියාව මෙසේ මිසයිල දියත් කරමින් සිටියි.



Recommended Articles