උතුරු කොරියාව විසින් ජපාන මුහුද වෙත තවත් බැලස්ටික් මිසයිලයක් එල්ල කර ඇති බව ජපාන ආරක්ෂක අංශ අනාවරණය කරයි.
දින පහක් තුළ උතුරු කොරියාව දියත් කළ තෙවැනි මිසයිලය මෙය වන අතර, එය ඇමෙරිකාව සහ ද.කොරියාව එක්ව සිදුකරන යුද අභ්‍යාසයන්ට ප්‍රතිචාර දැක්වීමක් සහ අනතුරු ඇඟවීමේ සංඥාවක් වෙයි.
උතුරු කොරියාවේ බටහිර වෙරළ තීරයේ සිට මෙම මිසයිලය එල්ල කෙරුණු බවත්, එය එම වෙරළ තීරයේ සිට කිලෝමීටර් 550ක් පමණ ඔබ්බට සාගරය වෙත පතිත වූ බවත් සඳහන් වෙයි.
කෙසේ වෙතත්, මෙම මිසයිල ප්‍රහාරය සම්බන්ධයෙන් දකුණු කොරියානු ආරක්ෂක අංශ කිසිදු තොරතුරක් ඉදිරිපත් කර නැත.