උ.කොරියාවෙන් අනතුරු ඇඟවීමේ වෙඩි තැබීමක්


උතුරු කොරියාව එහි නැගෙනහිර සහ බටහිර වෙරළ තීරය දෙසට අනතුරු ඇඟවීමේ වෙඩි තැබීමක් සිදුකළේ, ඊට පෙර දින කාලතුවක්කු වෙඩි තැබීම් සම්බන්ධයෙන් දකුණු කොරියාව වෙත "බරපතල අනතුරු ඇඟවීමක්" ලෙස බව කියයි.

උතුරු කොරියානු ප්‍රධාන කාර්ය මණ්ඩලයේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් KCNA විසින් කොරියානු අර්ධද්වීපයේ තත්ත්වය වඩාත් නරක අතට හැරෙමින් පවතින බව සඳහන් කළේය.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික සහ මිසයිල තර්ජනවලට මුහුණ දීම සඳහා ආරක්ෂක හැකියාවන් ඔප්නැංවීම වෙනුවෙන් උතුරු කොරියාව සඳුදා එහි වාර්ෂික හොගුක් ක්ෂේත්‍ර පුහුණුව ආරම්භ කළේය. මෙම අභ්‍යාස ඔක්තෝබර් 28දා දක්වා පැවැත්වීමට නියමිතය.

දකුණු කොරියාව සිය මිතුරු පාර්ශ්ව සමඟ අන්තර් ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීම සඳහා හොගුක් ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයට එක්සත් ජනපද හමුදාද සහභාගී වීමට සූදානම් විය.



Recommended Articles