උතුරු කොරියාව විසින් තවත් බැලස්ටික් මිසයිල අත්හදා බැලීමක් සිදුකර ඇති බව දකුණු කොරියානු ජනරජයේ ඒකාබද්ධ මාණ්ඩලික ප්රධානීන් උපුටා දක්වමින් යොන්හැප් ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.
උතුරු කොරියාවේ උතුරු පළාත වන ජගන්ග් වෙතින් මෙම දියත් කිරීම දේශීය වේලාවෙන් අද (30දා) උදෑසන 7.52ට අනාවරණය කරගෙන තිබේ. මෙය 2022 වසරේ දිගින් දිගටම උතුරු කොරියාව සිදුකරන මිසයිල අත්හදා බැලීම්වල නවතම සිද්ධියයි.
යොන්හැප් පුවත් ඒජන්සියේ නවතම වාර්තාවට අනුව මිසයිල දියත් කිරීමෙන් පසු දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන් ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීමක් කැඳවීමට නියමිතය.