උතුරු කොරියාව දිගුදුර උපාය මාර්ගික කෲස් මිසයිල යුගලක් අත්හදා බලා ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
නායක කිම් ජොන්ග්-උන් පුද්ගලිකවම එම ස්ථානයේදී අත්හදා බැලීම නිරීක්ෂණය කර තිබීමද විශේෂත්වයකි.
දිගු-දුර උපාය මාර්ගික කෲස් මිසයිල දෙකක් බටහිර මුහුදට ඉහළින් ඕවලාකාර පියාසැරි මාර්ග ඔස්සේ තත්පර 10,234ක් පියාසර කර කිලෝමීටර 2,000ක් දුරින් පිහිටි ඉලක්කයට පැහැදිලිවම පහර දුන් බව උතුරු කොරියානු මාධ්‍ය පවසයි.
උතුරු කොරියාව මෑත කාලයේදී සිය මිසයිල අත්හදා බැලීම් වඩාත් වේගවත් කර ඇති අතර, මෙය දකුණු කොරියාව මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයටත් සිදුකරන අනතුරු ඇඟවීමක ස්වරූපය ගෙන තිබේ.