අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිලයක් සෙනසුරාදා දිනයේදී අත්හදා බැලූ බව උතුරු කොරියාව පවසයි.
ආරම්භ වන ඇමෙරිකානු දකුණු කොරියානු යුද අභ්‍යාසයන්ට විරෝධය පෑමක් ලෙස උතුරු කොරියාව මෙම මිසයිල අත්හදා බැලීම සිදුකර තිබේ.
මෙම අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය සාර්ථකව අත්හදා බැලීම තුළ ඕනෑම සතුරු බලවේගයක් වෙත න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමට උතුරු කොරියාවට ඇති හැකියාව කියාපාන්නක් බව එරට මාධ්‍ය පෙන්වා දෙයි.
උතුරු කොරියානු නායකයාගේ බාල නැගෙණිය මෙන්ම, උතුරු කොරියානු පාලක පක්ෂ මධ්‍යම කමිටුවේ නියෝජ්‍ය අධ්යක්ෂ කිම් යෝ ජොන්ග් පැවසුවේ, ඇමෙරිකා එක්සත් ජනපදය විසින් උතුරු කොරියාව වෙත සතුරු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අතකොළුවක් බවට පත් කරගෙන ඇති බවයි.