කොරියානු ප්රජාතන්ත්රවාදී මහජන ජනරජය හෙවත් උතුරු කොරියාව නැගෙනහිර මුහුද දෙසට බැලස්ටික් මිසයිල තුනක් එල්ල කළ බව දකුණු කොරියානු ජනරජයේ යොන්හැප් ප්රවෘත්ති ඒජන්සිය පවසයි.
ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් (JCS) පැවසුවේ පියොංයැං හි සුනන් ප්‍රදේශයෙන් දියත් කිරීම් පිළිවෙලින් උදෑසන 6.00, 6.37 සහ 6.42ට පමණ අනාවරණය කරගත් බවයි.
මීට පෙර, උතුරු කොරියාව විසින් පසුගිය මැයි 7 වැනි දින නැගෙනහිර මුහුද දෙසට හඳුනා නොගත් මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය.
මේ අතර, පසුගිය මාසයේ, උතුරු කොරියාව එහි විශාලතම අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය වන Hwasongfo-17 සමන්විතව ප්යොංයැං හි කොරියානු මහජන හමුදාව පිහිටුවීමේ 90 වැනි සංවත්සරය සැමරීම සඳහා හමුදා පෙළපාලියක් පැවැත්වීය.
එහිදී, උතුරු නායක කිම් ජොන්ග්-උන් පැවසුවේ, "හැකි වේගවත්ම වේගයට සිය න්‍යෂ්ටික හැකියාවන් ශක්තිමත් කිරීමට සහ සංවර්ධනය කිරීමට රට තවදුරටත් පියවර ගන්නා, බවයි.