දකුණු කොරියානු රජයේ හමුදාව උපුටා දක්වමින් යොන්හැප් පුවත් ඒජන්සිය වාර්තා කළේ, නැගෙනහිර මුහුද දෙසට හඳුනා නොගත් මිසයිල අත්හදා බැලීමක් උතුරු කොරියාව දෙසින් එල්ල වූ බවයි.
එහිදී දකුණු කොරියානු ඒකාබද්ධ මාණ්ඩලික ප්රධානීන් වැඩි විස්තර සඳහන් නොකර කෙටි ප්රකාශයක් නිකුත් කරමින් මෙය නිවේදනය කළේය.
2022 වසරේ ජනවාරි 5දා සහ 11දා යන දිනවල හයිපර්සොනික් මිසයිල 2ක්, ජනවාරි 14 වැනි දින කෙටි දුර බැලස්ටික් මිසයිල 2ක් සහ ජනවාරි 17 වැනි දින උපායශීලී මාර්ගෝපදේශ මිසයිල 2ක් වශයෙන් මේ දක්වා උතුරු කොරියාව අත්හදා බැලීම් සිදුකර ඇත.