උතුරු කොරියාව නැගෙනහිර දෙසට බැලස්ටික් මිසයිල ප්රහාරයක් එල්ල වී ඇති බව දකුණු කොරියානු ජනරජයේ ඒකාබද්ධ මාණ්ඩලික ප්රධානීන් උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.
දකුණු කොරියානු හමුදාව පැවසුවේ දකුණු පියොංගන් පළාතේ සුක්චොන් ප්රදේශයෙන් අද සවස් කාලයේ මෙම දියත් කිරීම හඳුනාගත් බවය.
එහිදී උතුරු කොරියාව විසින් සැකකටයුතු බැලස්ටික් මිසයිලයක් දියත් කර ඇති බව ටිවිටර් පණිවඩුයක් නිකුත් කරමින් ජපාන රජයද තහවුරු කළේය.