උතුරු කොරියාව නැගෙනහිර මුහුද දෙසට බැලස්ටික් මිසයිල දෙකක් එල්ල කළ බව දකුණු කොරියානු ජනරජයේ යොන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් උපුටා දක්වමින් වාර්තා කළේය.
කෙටි දුර බැලස්ටික් මිසයිල දෙක සවස 6.10ට ප්යොන්ග්යැන්ග් හි සුනාන් ප්‍රදේශයෙන් නිකුත් කර ඇත.
දකුණු කොරියා හි ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ට අනුව, දේශීය වේලාවෙන් එදිනම 6.20 නැගෙනහිර මුහුදට දෙවැනි මිසයිලය එල්ල වී තිබේ.
දකුණු කොරියාව විසින් උතුරු කොරියාවේ මෙම මිසයිල අත්හදා බැලීම දැඩි ලෙස හෙළා දකින බව ජනාධිපති කාර්යාලය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.
කෙසේ වෙතත් උතුරු කොරියානු පාර්ශ්වයෙන් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් නොමැත.