උ. කොරියාව පරීක්ෂා කළේ හයිපර්සොනික් මිසයිලයක්ලු


කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන ජනරජය හෙවත් උතුරු කොරියාව ජැගෑන්ග් පළාතේ රියොන්ග්‍රිම් ප්‍රාන්තයේ ටොයැන්ග්-රි ප්‍රදේශයේ සිට හ්වාසොං-8 නමැති හයිපර්සොනික් මිසයිලයක් අත්හදා බැලූ බව එරට නිල පුවත් ඒජන්සිය අනාවරණය කරයි.

වාර්තාවට අනුව මෙම මිසයිලය ආරක්‍ෂක විද්‍යා ඇකඩමිය විසින් අලුතින් සකස් කර පරීක්‍ෂා කරනලද මිසයිලයකි.

කොරියානු ජනරජය හෙවත් දකුණු කොරියාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානියා කියා සිටියේ උතුරු කොරියාව විසින් නැගෙනහිර වෙරළේදී හඳුනා නොගත් මිසයිල ප්‍රහාරයක් සිදුකළ බවයි. එය සිදුවූයේ දකුණු කොරියාව බැලිස්ටික් මිසයිලවලින් සමන්විත නව සබ්මැරීනයක් දියත් කිරීමට පැය කිහිපයකට පෙරදී වීමද විශේෂත්වයකි.



Recommended Articles