ඊසානදිග බ්‍රසීලයට බලපෑ සුළි කුණාටුවේ මරණ 100ක්


ඊසානදිග බ්‍රසීලයේ ගංවතුර සහ නායයෑම් ඇති කළ ධාරානිපාත වර්ෂාවෙන් මියගිය සංඛ්‍යාව 100ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, හදිසි සේවකයින් තවදුරටත් විපතට පත් වූවන් සෙවීමේ නිරතව සිටින බවත් විදෙස් වාර්තා පවසයි.

රෙසිෆේ නගරයෙන් පිටත දිළිඳු ප්‍රජාවක් ජීවත් වන ප්‍රදේශ ඇතුළු අසල්වැසි නිවාස රැසක් නායයෑම්වලට ගොදුරුව තිබේ.

අවම වශයෙන් පුද්ගලයින් 14දෙනෙකු අතුරුදන්ව සිටින බව පර්නාම්බුකෝ ප්‍රාන්තයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මෑත මාසවලදී රටට බලපෑ මාරාන්තික කාලගුණ ව්‍යසන මාලාවක නවතම අවස්ථාව මෙය බව කියයි.



Recommended Articles