ඊශ්‍රායලයේ, ටෙල් අවිව් හි ඩිසෙන්ගොෆ් වීදියේදී තුවක්කුකරුවෙකු නිරායුධ මිනිසුන් ඉලක්ක කර සිදුකළ වෙඩි තැබීමකින් අවම වශයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් අට දෙනෙකු තුවාල ලබා ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි. මෙම ප්‍රදේශය අවන්හල් සහ බාර්වලින් පිරුණු ජනප්‍රිය දර්ශනීය ප්රදේශයකි.
රෝහල් ආරංචි මාර්ග අනුව අවම වශයෙන් පුද්ගලයින් හතර දෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන අතර, සමාජ මාධ්‍යවල ප්‍රකාශයට පත් කරන ලද වීඩියෝවලින් ප්‍රහාරයෙන් පසු ප්‍රතිවිපාක පෙන්නුම් කළේය. හදිසි සේවා මගින් තුවාල ලැබූවන් රෝහල වෙත ගෙන යන විට එළිමහන් කැෆේ එකක පෙරළුණු මේස මැද මිනිසුන් ඔබමොබ දුවන ආකාරය දැකිය හැකි විය. ටෙල් අවිව් හි ජනප්‍රිය වීදියකදී මෙම ප්‍රහාරය සිදුකළ තුවක්කුකරුවා සොයා පොලීසිය විමර්ශන සිදුකරමින් පවතී.
ඊශ්‍රායලය පුරා මේ දිනවල මෙවැනි ප්රචණ්ඩත්වයක් මතුවෙමින් තිබෙන අතර, මීට පෙර සිදුවූ වෙඩි තැබීම් සහ මනුෂ්‍ය ඝාතනවල වගකීම IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් භාරගැනීම තුළ මේ වනවිට එරට සාමාන්‍ය ජනජීවිතයට දැඩි තර්ජනයක් එල්ල වී තිබේ.