ඊශ්‍රායල් හමුදා හෙබ්‍රොන් හි පලස්තීන නිවාස කඩා දමති


බටහිර ඉවුරේ හෙබ්‍රොන් නගරයේ ඉදිවෙමින් තිබූ පලස්තීන නිවසක් ඊශ්‍රායල හමුදා විසින් කඩා බිඳ දමා තිබේ.

කලබලයට පත් නිවාස හිමියන් කඩා ඉවත් කිරීම නැවැත්වීමට උත්සාහ කළ නමුත් පොලිසිය විසින් එය වළක්වා ඇති අතර, පසුව කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරමින් කඩා බිඳ දැමීමට එරෙහිව පැවති උද්ඝෝෂණයද විසුරුවා හැර ඇත.

නත්තල් දිනයේ ඊශ්‍රායල හමුදා සමග ඇති වූ ගැටුමෙන් එක් පලස්තීන ජාතිකයෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ අතර අවම වශයෙන් තවත් හත් දෙනෙකුට තුවාල සිදු වූ බවත්, මෙම සිද්ධිය කලාපයේ ආතතිය වැඩි කළ බවත් විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ඊශ්‍රායල බලධාරීන් පවසන්නේ පලස්තීන කුලී නිවැසියන් බලපත්‍රයක් නොමැතිව නිවස ඉදිකර ඇති බවයි.



Recommended Articles