තම රට තුළ පවතින ලේ වැගිරෙන සටන අවසන් කිරීම සඳහා රුසියාවේ යෝජනාවලට එකඟ වන ඊශ්‍රායල අගමැති නෆ්තාලි බෙනට් යුක්රේන ජනාධිපති වොල්ඩොමීර් සෙලෙන්ස්කිට උපදෙස් දී ඇති බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරයි.
"මම ඔබ නම්, මම මගේ මිනිසුන්ගේ ජීවිත ගැන සිතා එම යෝජනාව භාර ගන්නවා" යනුවෙන් බෙනට් අඟහරුවාදා දුරකථන ඇමතුමක් අතරතුර සෙලෙන්ස්කිට පැවසුවේ යැයි අනන්‍යතාව හෙළි නොකළ ජ්‍යෙෂ්ඨ යුක්රේන නිලධාරියෙකු උපුටා දක්වමින් ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කළේය.
කෙසේ වෙතත්, බෙනට්ගේ කාර්යාලයේ ඉහළ නිලධාරියෙක් මෙවැනි යෝජනාවක් කර නොමැති බවට එය ප්‍රතික්ෂේප කළ අතර, ඊශ්‍රායල අගමැති කිසිම අදියරකදී සෙලෙන්ස්කිට කිසිදු නිර්දේශයක් හෝ උපදෙසක් දීමට අදහස් නොකරන බව සඳහන් කළේය.
එනමුදු, යුක්රේනයේ පවතින ගැටුම් මධ්‍යයේ ඊශ්‍රායලය මැදිහත්කාර භූමිකාවකට අවතීර්ණ වී ඇත. බෙනට් පසුගිය සතියේ පූටින් හමුවීමට මොස්කව් වෙත පියාසර කරමින් සහ පසුව දුරකථනයෙන් සෙලෙන්ස්කි සමග සාකච්ඡා කිරීමටද කටයුතු කළේය. රුසියානු නායකයා හමුවීමෙන් පසු ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් සමගද සාකච්ඡා පැවැත්වීය.
කෙසේ වෙතත් දේශපාලන විචාරකයන්ට අනුව ඊශ්‍රායලය මෙවැනි මැදිහත්වීමක් සිදුවන විට ඒ පසුපස අනිවාර්යය බළල් හස්ථයක් පැවතිය යුතුය. විශේෂයෙන්ම ඊශ්‍රායලයේ මැදිහත්වීම පසුපස බොහෝවිට සිටින්නේ එක්සත් ජනපදය විය යුතුය. මේ කතාව සත්‍යයක් නම්, මෙම යුද්ධය ගොඩින් බේරාගැනීමට දැන් ඇමෙරිකාවටද අවශ්‍යව ඇති බව පැහැදිලිය.