ඊශ්‍රායල් අධිකරණ ප්‍රතිසංස්කරණ සැලැස්මට එරෙහි විරෝධතාවන්


ඊශ්‍රායලයේ අධිකරණ පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ එරට රජයේ සැලැස්මට විරෝධය දැක්වීම සඳහා දසදහස් ගණනක් ඊශ්‍රායල ජාතිකයින් නගර කිහිපයක විරෝධතා පවත්වා තිබේ.

එහිදී, විශාලතම විරෝධතාව වෙරළබඩ නගරයක් වන ටෙල් අවිව්හි පවත්වා ඇති අතර, එයට දහස් සංඛ්‍යාත ජනතාවක් සහභාගී වී ඇත.

අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය විසින් යෝජනා කරන ලද අධිකරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඔවුන්ගේ අතෘප්තිය ප්‍රකාශ කිරීම සඳහා පෙලපාලිකරුවන් සති පහක් අඛණ්ඩව පෙළ ගැසී ඇත.

ඔවුන් පවසන්නේ මෙම ප්‍රතිසංස්කරණ මගින් අධිකරණය දුර්වල කරන අතරම, පාලක සභාගයට වැඩි බලයක් ලැබෙන බවය.



Recommended Articles