ඊශ්‍රායල් අගමැති ප්‍රසිද්ධියේම කොවිඩ්-19 එන්නත ලබාගනී


ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ටෙල් අවිව් හි ෂෙබා රෝහලේදී කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත ලබාගෙන තිබේ.

අගමැතිවරයා එන්නත ලබාගන්නා ආකාරය ඊශ්‍රායල රූපවාහිනියේ සජීවීව විකාශය කර ඇත.

ඒ අනුව ඊශ්‍රායලය තුළ ෆයිසර් - බයෝඑන්ටෙක් හි එන්නත ලබාගත් පළමු ඊශ්‍රායල ජාතිකයා බවට අගමැති නෙතන්යාහු පත්ව තිබේ.

ෆයිසර් - බයෝඑන්ටෙක් එන්නත ප්‍රසිද්ධියේ ලබාගත් ධුරයේ සිටින පළමු වැනි අගමැතිවරයාද ඔහුය.

"එය මිනිසාට කුඩා එන්නතක්, ඒත් එය අපගේ සෞඛ්‍යය සඳහා යෝධ පිම්මක්" එන්නත ලබාගැනීමෙන් පසුව ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්හායු පැවසීය.



Recommended Articles