ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු දෙවැනි එන්නතත් ලබා ගනියි


ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට ෆයිසර් - බයෝඑන්ටෙක් හි කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නතේ දෙවැනි එන්නත් මාත්‍රාවද ලබාගෙන ඇති අතර, අගමැතිවරයා සමග එරට සෞඛ්‍ය අමාත්‍ය යුලි එඩෙල්ස්ටයින්ද දෙවැනි මාත්‍රාව ලබාගෙන තිබේ.

"මම එයට පුරුදු වී සිටිනවා. ඒ වගේම මම ඉතා සතුටට පත්වන අතර, දෙවැනි එන්නත් මාත්‍රාව ලබා ගැනීමට සූදානම්ව සිටින සියලුම ඊශ්‍රායෙලයේ පුරවැසියන් මා මෙන් සතුටට පත්වන බවද මට විශ්වාසයි" අගමැතිවරයා පැවසීය.

කොවිඩ්-19 ට එරෙහිව ඊශ්‍රායලය සිය පුරවැසියන්ට එන්නත් ලබාදෙමින් ස්ථාවර ප්‍රගතියක් ලබා ඇති අතර, මාර්තු අග වනවිට සියලුම ඊශ්‍රායල් පුරවැසියන්ට එන්නත් ලබා දෙන බව අගමැති නෙතන්යාහු අවධාරණය කර තිබේ.



Recommended Articles