ඊශ්‍රායලයේ සතියක් තුළදී ISIS ත්‍රස්ත ප්‍රහාර මාලාවක්


IS ඉස්ලාමීය රාජ්‍යය ඊශ්‍රායලයේ නෙගෙව්හි වෙඩි තැබීමේ සිද්ධියේ වගකීම භාරගෙන ඇති අතර, එහිදී අරාබි තුවක්කුකරුවන් දෙදෙනෙකු ඊශ්‍රායල පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මරා දමා තවත් හතර දෙනෙකුට තුවාල සිදුකරමින් සතියක් තුළ සිදුකළ දෙවැනි මාරාන්තික ප්‍රහාරයද දියත් කර තිබේ.

ඉරිදා සිදු වූ මෙම ප්‍රහාරය, මධ්‍යම ඊශ්‍රායලයේදී අරාබි රටවල් හතරක විදේශ අමාත්‍යවරුන් සහ එක්සත් ජනපදය අතර හමුවකට ආසන්න දිනකදී සිදුකළ වෙඩි තැබීමකි. සතියකට අඩු කාලයකට පෙර, IS හි ආනුභාවය ලැබූ හුදකලා ප්‍රහාරකයෙකු, රටේ දකුණේ සිදුකළ පිහි ඇණුමකින් පුද්ගලයින් සිව් දෙනෙකු ඝාතනය කළේය.

ඉරිදා ප්‍රහාරය ආරම්භ වන විට අසල අවන්හලක සිටි ඊශ්‍රායල දේශසීමා පොලිසියේ ත්‍රස්ත මර්දන ඒකකයේ සාමාජිකයින් දෙදෙනෙකු වෙත මිනිසුන් දෙදෙනෙකු වෙඩි තබන ආකාරය ආරක්ෂණ දර්ශනවල සටහන්ව තිබේ. කෙසේ වෙතත් ඊශ්‍රායල් හදිසි අවස්ථා සේවා කඩිනමින් තත්ත්වයට ප්‍රතිචාර දක්වා ඇත.

බහරේනය, ඊජිප්තුව, මොරොක්කෝව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ එක්සත් ජනපදය යන රටවල අමාත්‍යවරුන් විසින් පිරිවරාගෙන සිටින ඊශ්‍රායල විදේශ අමාත්‍ය යායර් ලපිඩ් මෙම සිදුවීම සැලවීමත් සමග මෙය තම රට බියවැද්දීම සඳහා සිදුකර ඇති බියගුලු භීෂණයක් හා මනුෂ්‍ය ඝාතනයක් බව සඳහන් කර තිබේ.

එසේම, ඊශ්‍රායල ආරක්ෂක අංශ සාමාජිකයින් දෙදෙනෙකු ජිහාඩ්වාදීන් දෙදෙනෙකු විසින් ඝාතනය කර ඇති බව වාර්තා කරමින් IS සංවිධානය සිය මාධ්‍ය ජාලය හරහා ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇත.



Recommended Articles