ඊශ්‍රායලයේ කොවිඩ් නිසා නිරෝගී තරුණ වැඩිහිටියන් මියගොස් නෑ


නීතිවේදි ඔරි සාබිගේ තොරතුරු දැනගැනීමේ නිදහස ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරනලද දත්තවලට අනුව, ඊශ්‍රායලයේ වයස අවුරුදු 50ට අඩු එකදු නිරෝගී පුද්ගලයකුවත් කොවිඩ්-19 නිසා මිය ගොස් නැති බව අනාවරණය විය.

නිධන්ගත රෝගී තත්ත්වයන් නොමැති වයස අවුරුදු 50 ට අඩු රෝගීන්ගේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව ඉල්ලා සිටීමට අමතරව, එන්නත් තත්ත්වය අනුව බෙදා දක්වමින් මියගිය රෝගීන්ගේ සාමාන්‍ය වයස ලබාදෙන ලෙසද මෙහිදී එරට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබුණි.

අමාත්‍යාංශයට අනුව, කොවිඩ්-19 එන්නත් කළ අය අතර මරණවල සාමාන්‍ය වයස අවුරුදු 80.2ක් වූ අතර, එන්නත් නොකළ අයගේ සාමාන්‍යය 77.4ක් විය.



Recommended Articles