ඊශ්‍රායලය සිය භූමිය ආක්‍රමණය කිරීම් හේතුවෙන් එම ප්‍රදේශවල තත්ත්වය දරාගත නොහැකි මට්ටමට පත්ව ඇති බවත්, පලස්තීන භූමිය අල්ලා ගැනීම අවසන් කිරීමට ඉක්මන් පියවර ගන්නා ලෙස ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවත් පලස්තීණ ජනාධිපති මහමුද් අබ්බාස් කියයි.
පලස්තීන නායකයා මේ බව කියා සිටියේ පලස්තීන ව්‍යාපාරිකයින් සමග බටහිර ඉවුරේ රමල්ලා නගරයේ පිහිටි ඔහුගේ කාර්යාලයේදී පැවති හමුවකදීය.
"ඊශ්‍රායලය බටහිර ඉවුර, නැගෙනහිර ජෙරුසලම සහ ගාසා තීරයේ සිටින අපේ ජනතාවට එරෙහි සියළු පියවර නැවැත්විය යුතුයි" ඔහු කියා සිටියේ ඊශ්‍රායලය රාජ්‍ය දෙකක විසඳුම ප්‍රතික්ෂේප කළහොත් පලස්තීනුවන් වෙනත් දේශපාලන තෝරා ගැනීම් සඳහා යාමට බැඳී සිටින බවයි.
"1947 දී සම්මත කරන ලද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාව ක්‍රියාත්මක කරන ලෙස අපි ඉල්ලා සිටිනවා. නැතහොත් පලස්තීනුවන්ගේ පූර්ණ දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් ලබා ගන්නා ඓතිහාසික පලස්තීනයක් ඇති එකම ප්රජාතන්ත්රවාදී රාජ්‍යය වෙත යෑමට සිදුවෙනවා" අබ්බාස් වැඩිදුරටත් පැවසීය.
1967 මැද පෙරදිග යුද්ධයේදී ඊශ්‍රායලය පලස්තීනු පාලනයේ තිබූ බටහිර ඉවුර සහ නැගෙනහිර ජෙරුසලම අත්පත් කරගත් අතර එතැන් සිට ඔවුන් එය පාලනය කළේය.