ඩමස්කස් සහ අගනුවරට දකුණින් පිහිටි ප්‍රදේශ ඉලක්ක කර ඊශ්‍රායලය සෙනසුරාදා අලුයම ගුවන් ප්‍රහාර දියත් කිරීමෙන් පසු අවම වශයෙන් සිරියානු සෙබළුන් 5දෙනෙකු මිය ගිය බව හමුදා මූලාශ්‍රයක් උපුටා දක්වමින් රාජ්‍ය ප්රවෘත්ති ඒජන්සිය පවසයි.
“අද උදෑසන ආසන්න වශයෙන් අලුයම 0:45ට, ඊශ්‍රායල සතුරා ටයිබීරියාස් විලෙහි ඊසානදිග දිශාවෙන් රොකට් මගින් ගුවන් ආක්‍රමණයක් දියත් කළා. ඩමස්කස් ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ ඩමස්කස්හි දකුණු දෙසින් සමහර ස්ථාන ඉලක්ක කරගනිමින් ප්‍රහාරය එල්ල වුණා” ප්රවෘත්ති ඒජන්සිය පවසයි.
සිරියානු ගුවන් ආරක්ෂක මිසයිල මගින් ඇතැම් රොකට් ප්‍රහාර බිම හෙළා ඇති නමුත්, හමුදාවේ අවම වශයෙන් පස් දෙනෙකුගේ ජීවිත අහිමි වූ බවද සිරියාව පවසයි.