කොවිඩ්-19 හි ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිරීම වැළැක්වීම සඳහා තවත් රටවල් දහයකට ගමන් කිරීම තහනම් කිරීමට තීරණය කළ බව ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙම තහනම බදාදා සිට ක්‍රියාත්මක වන අතර එක්සත් ජනපදය, ඉතාලිය, බෙල්ජියම, ජර්මනිය, හංගේරියාව, මොරොක්කෝව, පෘතුගාලය, කැනඩාව, ස්විට්සර්ලන්තය සහ තුර්කිය ඇතුළත් වන අතර ඒවා "රතු" රටවල් ලෙස ලේබල් කෙරෙනු ඇති බව අමාත්‍යාංශය පවසයි.
"රතු" රටවල් ලැයිස්තුවට දැනටමත් බොහෝ අප්‍රිකානු රටවල්, යුරෝපීය රටවල් 08ක් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයද ඇතුළත් වේ.
එන්නත් කරනලද සහ සුවය ලැබූ අය ඇතුළුව තහනම් කරනලද රටවලින් ආපසු පැමිණෙන සියලුම ඊශ්‍රායල ජාතිකයින් අවම වශයෙන් දින 7ක් නිරෝධායනය විය යුතුය.
විශේෂ රජයේ කමිටුවක අනුමැතිය ඇතිව මානුෂීය අවස්ථාවන්හිදී හැර විදේශීය ජාතිකයින්ට මෙම රටවලින් ඊශ්‍රායලයට යාමට අවසර නැත. අද වනවිට, අමාත්‍යාංශය විසින් ඔමික්‍රෝන් ප්‍රභේදයේ සිද්ධීන් 134ක් වාර්තා කර ඇති අතර, ඉන් 86දෙනෙකු මෑතකදී විදේශයන්හි සිට ආපසු පැමිණි මගීන් වේ.