ඊශ්‍රායල ප්‍රහාරයෙන් පලස්තීන ජාතිකයන් 4දෙනෙක් මරුට


ජෙනින් සරණාගත කඳවුර වෙත ඊශ්‍රායල සිදුකළ ප්‍රහාරයක් හා වටලෑමක් හේතුවෙන් පලස්තීන ජාතිකයන් 4දෙනෙකු මිය ගොස් තවත් 44දෙනෙකු තුවාල ලැබූ බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය උපුටා දක්වමින් පලස්තීන WAFA ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

ඊශ්‍රායල ආරක්ෂක හමුදා සහ දේශසීමා පොලීසිය උදෑසන නිවේදනය කළේ ඔවුන් අත්‍යවශ්‍ය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ජෙනින් සරණාගත කඳවුරේ නිවසක් වටකළ බවයි.

සැකකරුවන් ඊශ්‍රායල හමුදා දෙසට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුව,  කිරීමෙන් පසු හමුදා වෙඩි ප්‍රහාරවලින් ප්‍රතිචාර දැක්වූ බව ජෙරුසලම් පෝස්ට් වාර්තා කරයි.



Recommended Articles