ඊජිප්තු හිටපු ජනපති අධිකරණ භූමියේ ඇද වැටී ජීවිතක්ෂයට


ඊජිප්තුවේ හිටපු ජනාධිපති මොහොමඩ් මොර්සි අධිකරණ භූමියේ ක්ලාන්ත වී ඇද වැටී මියගිය බව විදෙස් වාර්තා පවසයි.

2013 වසරේදී හමුදා කුමන්ත්‍රණයක් හරහා හිටපු ජනපතිවරයා බලයෙන් පහ කරනු ලැබුණු අතර, පසුව ඔහු අත්අඩංගුවට පත්විය.

මුස්ලිම් සහෝදරත්වයේ නායකත්වය දැරූ මොර්සි, තමාට එරෙහිව එල්ල වී ඇති චෝදනාවන්ට උත්තර බඳිමින් සිටි අවස්ථාවේදී මෙසේ අධිකරණ භූමියේදී ඇද වැටී මියගොස් ඇත.

මිය යන විට 67 වැනි වියෙහි පසුවූ හිටපු ජනපතිවරයා බලයට පත්ව වසරක කාලයකින් ඔහුට එරෙහිව දැවැන්ත ජන බලවේගයක් ඊජිප්තුව තුළ ගොඩනැගුණි.

ඒ අනුව, හමුදා කුමන්ත්‍රණයකින් ඔහු බලයෙන් පහ කෙරුණු අතර එතැන් සිට මේ දක්වා මොර්සි සිරගතව ජීවත් විය.

ඔහු පලස්තීනයේ හමාස් සංවිධානය සමග සබඳතා පැවැත්වූ බවටත්, ඔවුන්ට අවශ්‍ය ලෙස ඔත්තු බැලූ බවටත් චෝදනාවට ලක්ව සිටියේය.



Recommended Articles