ඊජිප්තුවේ හමුදා අධිකරණයක් විසින් ඉහළම ඉස්ලාමීය ජිහාඩ් මතවාදියෙකු ලෙස සැලකුණු හිෂාම් අෂ්මාවි වෙත මරණීය දණ්ඩනය නියම කර තිබේ.
හිෂාම් අෂ්මාවි 2014 දී බටහිර ඊජිප්තුවේ ආරක්ෂක භටයන් 22 දෙනෙකු ඝාතනය කිරීම ඇතුළු ඉහළ පෙළේ ප්‍රහාර කිහිපයකට සම්බන්ධ බවට වැරදිකරු වූ බව හමුදා ප්‍රකාශකයෙක් පැවසීය.
එවකට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහොමඩ් ඉබ්‍රාහිම් ඝාතනය කිරීමට 2013 දී දැරූ උත්සාහයක් පිටුපසද ඔහු සිටි බවට ඔප්පු වී ඇත.
පසුගිය වසරේදී නැගෙනහිර ලිබියාවේදී කලීෆා හෆ්තාර්ගේ හමුදාව විසින් අෂ්මාවි ජීවග්‍රහණයෙන් අල්ලා ගන්නා ලදී.
අබු උමාර් අල් මුහජිර් ලෙසද හැඳින්වෙන අෂ්මාවි වරෙක ඊජිප්තු හමුදාවේ විශේෂ මෙහෙයුම් බලකායේ සේවය කළ නමුත් ඔහුගේ දැඩි ආගමික මතයන් නිසා සේවයෙන් පහකර තිබුණි.
ඔහු පසුව සීනයිහි ජිහාඩ් කණ්ඩායමේ අන්සාර් බීට් අල්-මැක්ඩිස් හි ජ්‍යෙෂ්ඨ චරිතයක් බවට පත් වූ නමුත් 2014 දී ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායමට පක්ෂපාතී වන බවට පොරොන්දු වීමත් සමග ඔහු එම සංවිධානයන්ගෙන්ද ඉවත්ව ගොස් තිබුණි.