අඩි 19,000ක් ඉහළ අහසේදී අකුණු පහරකට ලක්වීමෙන් පසුව මගීන් 41 දෙනෙකු රැගත් ගුවන් යානයක් ආරක්ෂිතව ගොඩ බැස්වීමට ගුවන් නියමුවෙකු සමත් වීමේ වීර ක්‍රියාවක් සැම්බියාවෙන් වාර්තා වෙයි.
සැම්බියානු ගුවන් සමාගමකට අයත් අදාළ යානය පසුගිය 25දා ලිවිංස්ටන් සංචාරක නගරයේ සිට එරට අගනුවර වන ලුසාකා වෙත පියාසර කරමින් තිබියදී මෙම සිද්ධියට මුහුණ පා තිබේ.
අකුණු සැර වැදී ගුවන් යානයේ ඉදිරිපස කොටසට හානි සිදුවන අවස්ථාවේ එය පියාසර කරමින් තිබී ඇත්තේ, මුහුදු මට්ටමේ සිට අඩි 19,000ක් ඉහළ අහසේය.
එහෙත්, යානයේ නියමුවා කුණාටුව මධ්‍යයේ ගුවන් යානය පියාසර කරවමින් කෙනත් කෞන්ඩා ජාත්‍යන්තර ගුවන් තොටුපළට යානය නිරුපද්‍රිතව ගොඩබැස්වීමට සමත්ව ඇත.
මෙම ගුවන් යානය නිපදවා ඇති ආකාරය නිසා එයට ලොකු හානියක් සිදුව නොමැති බවත්, ගුවන් යානයේ සැකැස්ම තුළ අකුණු විසරණයන් ඇතුළත් කර තිබීම නිසා නියමුවාට සුරක්ෂිතව ගොඩබෑමේ කාර්ය සිදුකර ගැනීමට හැකිවී ඇති බවත් ම ගුවන් සමාගම කියයි.