ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් මරාගෙන මැරෙන ළමා සොල්දාදුවන් යොදයි


නැගෙහිර ඇෆ්ගනිස්තානයේ විවාහ මංගල උත්සවයකදී කුඩා දරුවෙකු යොදා සිදුකළ මරාගෙන මැරෙන ප්‍රහාරයකදී පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 40 දෙනෙකු තුවාල ලබා තිබේ.

මෙම ප්‍රහාරය සිදුව ඇත්තේ නන්ගර්හාර් පළාතේ, පචිරගාම් දිස්ත්‍රික්කයේදීය.

පළාත් ප්‍රකාශක අතාවුල්ලා ඛුග්යානි පවසා සිටියේ රජයට හිතවත් ආරක්ෂක අංශ සාමාජිකයන් ඉලක්ක කරමින් ළමා සොල්දාදුවන් යොදාගැනීම මේ වනවිට සිදුවන බවයි.

පාකිස්තානයට ආසන්න පළාතේ සිදුවූ මෙම ප්‍රහාරයේ වගකීම තලේබාන් සංවිධානය භාරගෙන නොමැති අතර, මෙය එරට ක්‍රියාත්මක ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ගේ ප්‍රහාරයක් බව විශ්වාස කෙරෙයි.

අයිඑස් කොරසාන් ලෙස හැඳින්වෙන මෙම කණ්ඩායම ඇෆ්ගනිස්ථානය තුළ දැඩි ප්‍රහාර රැසකට වගකිව යුතු කණ්ඩායමක් ලෙස සැලෙකන අතර, පසුගිය වසරේදී කාබුල් නුවර ඡන්ද මධ්‍යස්ථානයක ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කළේද මොවුන් විසිනි.



Recommended Articles