තුර්කියේ ඉස්තාන්බුල් ගුවන් තොටුපොළකට ගොඩබසින ලද මගී යානයක් ධාවන පථයෙන් ඉවතට පැන කොටස් තුනකට කැඩී යාමෙන් එහි ගමන්ගත් එක් අයෙකු මියගොස් තවත් 157ක පිරිසක් තුවාල ලබා තිබේ.
පෙගසස් එයාර්ලයින්ස් ගුවන් සේවය අයත් යානය බටහිර ඉස්මීර් පළාතේ සිට මගීන් 171ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 6 දෙනෙකු සබීහා ගොක්සන් ගුවන් තොටුපලේදී අනතුරට ලක්ව ඇත.
බෝයිං 737 යානය තද වැසි පවතින තත්ත්වයක මෙම අනතුරට මුහුණදී ඇති අතර, අනතුරින් පසුව ගුවන් තොටුපොළ වසා දමා පැමිණි යානා ආපසු හරවා යවා තිබේ.
තුර්කි මාධ්‍ය කියා සිටියේ යානයේ සිටි බහුතරයක් තුර්කි ජාතිකයන් වන නමුත් විදේශීය ජාතිකයන් 20ක් පමණ එම අවස්ථාවේදී යානයේ සිටි බවයි.
ඉස්තාන්බුල් ආණ්ඩුකාර අලි යෙර්ලිකයා පැවසුවේ “අවාසනාවකට මෙන්, දුර්වල කාලගුණික තත්ත්වයන් හේතුවෙන් පෙගසස් ගුවන් යානය ගුවන් ධාවන පථයේ ලිස්සා මීටර් 50-60ක් පමණ ධුර ඇදී යෑමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.”
තුර්කි පුරවැසියෙකු මියගොස් තවත් 157 දෙනෙකු තුවාල ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍ය ෆැරෙටින් තහවුරු කළ අතර, තුවාල ලැබූවන්ගෙන් කිසිවෙකු අසාධ්‍ය තත්ත්වයේ නොමැති බවද ඔහු පැවසීය.