තමන් නැවත මැතිවරණයකට ඉදිරිපත් වන අතර, කුමන තත්ත්වයක් යටතේ තම ඉල්ලා අස්වීම සිදුවනු ඇතැදැයි සිතාගත නොහැකි බවත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රකාශ කරයි.
ජොන්සන් දෙදින සංචාරයක් සඳහා බදාදා ඉන්දියාව බලා පිටත්ව ගියේය. ඔබ මීළඟ මැතිවරණයට තරඟ කරන්නේ දැයි ගුවන් යානයේ සිටි මාධ්‍යවේදීන් ඇසූ විට ජොන්සන් පිළිතුරු දුන්නේ, "ඇත්ත වශයෙන්ම ඉදිරිපත් වෙනවා." යනුවෙනි.
ඔහු ඉල්ලා අස්විය හැකි කිසියම් තත්ත්වයක් ඔහු දුටුවේ දැයි ඇසූ විට, ඔහු මෙසේ ප්‍රකාශ කළේය: "මේ මොහොතේ බොහෝ දේ මතකයට නැඟෙන්නේ නැහැ." යනුවෙනි.