ඉරානයේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 60,000 ඉක්මවයි


කොවිඩ්-19 වසංගතය මේ වන විට ඉරානයේ ජීවිත 60,073ක් වාර්තා කර ඇති අතර, ගෙවීගිය පැය 24 තුළ එම මරණ සංඛ්‍යාව 93කින් ඉහළ ගොස් ඇති බව ඉරානයේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඉරානය විසින් එම දිනය තුළ නව කොරෝනා වෛරසය ආසාදිතයන් 8,010 ක් වාර්තා කර ඇති අතර, රටපුරා ආසාදිතයන් සංඛ්‍යාව 1,631,169ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඉරාන සෞඛ්‍ය හා වෛද්‍ය අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රකාශිකා සිමා සදාත් ලාරි සිය දෛනික සාකච්ඡාවේදී පැවසීය.



Recommended Articles