ඉරානයේ දකුණු ෆාර්ස් පළාතේ රසායනික කම්හලක සඳුදා පස්වරුවේ සිදුවූ විශාල පිපිරීමකින් පුද්ගලයන් 72දෙනෙකු තුවාල ලබා ඇති බව මෙහෙර් පුවත් ඒජන්සිය පවසයි.
ෆයිරෝසාබාද් නගරයේ කවෙහ් සෝඩියම් කාබනේට් කම්හලේ එක් ඇමෝනියා ටැංකියක කාන්දුවක් හේතුවෙන් මෙම පිපිරීම සිදුවී ඇත.
විෂ වායු පැතිරීම නිසා ඒ අවට මාර්ග වසා ඇති බව බලධාරීන් පවසයි.