චීනයේ මැදිහත්වීමෙන් විරසකව සිටි ඉරානය සහ සෞදි අරාබිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි ගොඩනැගීම වෙනුවෙන් මූලික එකඟතාවකට පැමිණ තිබේ.
ඒ අනුව, මෙතෙක් පැවැති විරසකයන් ඉවත දමා, සහයෝගයෙන් කටයුතු කිරීමට මෙම දෙපාර්ශ්වය විසින්ම ඓතිහාසික එකඟත්වයකට පැමිණ ඇත.
මෙම ඓතිහාසික අවබෝධතාවට අත්සන් තැබීම චීනයේ බීජිං නුවරදී සිදුව ඇති අතර, ඉදිරියේදී දෙරටේම විදේශ අමාත්‍යවරුන් හමුවී වැඩිදුර සාකච්ඡා කිරීමටද මේ යටතේ නියමිතව තිබේ.
ඉරානය හා සෞදි අරාබිය අතර වූ මෙම සහයෝගය ඇමෙරිකානු පාර්ශ්වයට යම් තර්ජනයක් බවද විදෙස් විචාරකයෝ පෙන්වා දෙති.