ඉරානය හා යේමනය අතර මුහුදට ඒකාබද්ධ සන්ධානයක් ඕනෑ -US


ඉරානය සහ යේමනය අතර මුහුදු කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාත්‍යන්තර ඒකාබද්ධ හමුදා බලඇණියක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව ඇමෙරිකාව මතුකර තිබේ.

එක්සත් ජනපදයේ මැරීන් ජෙනරාල් ජෝසප් ඩන්ෆෝල්ඩ් පවසා තිබුණේ, ඉතා වැදගත් වෙළෙඳ මාර්ග සහිත මෙම කලාපයේ යාත්‍රණයේ නිදහස ලබාගැනීමට අවශ්‍ය බවයි.

පසුගිය මාසයේදී ඉන්ධන ප්‍රවාහන නෞකා දෙකකට පහරදීම සම්බන්ධයෙන් ඉරානයේ සහාය ලැබූ කණ්ඩායම් වෙත ඇමෙරිකාව චෝදනා කළේය.

ඒ අනුව, මෙම සැලසුම සාක්ෂාත් කරගැනීම සඳහා දේශපාලනමය උවමනාවක් ඇති රාජ්‍යයන් සමග ඇමෙරිකාව දැනටමත් සාකච්ඡා අරඹා ඇති බවද ජෙනරාල්වරයා පවසයි.

එහිදී, ඇමෙරිකාව විසින් අණදීම් හා පාලන නෞකා සපයන බවත්, එම නෞකා අතර ආරක්ෂක මුර සංචාරයේ යෙදීමට අනෙකුත් රටවල නෞකා අවශ්‍ය බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

හෝමූස් සමුද්‍ර සන්ධිය සහ බාබ් අල් මන්ඩාබ් යනු අතිශය වැදගත් නාවුක ගමන්මාර්ග වන අතර, ඒවා ගල්ෆ් මුහුද සහ රතු මුහුද වෙත ප්‍රවේශයන් ලබාදෙන ගමන් මාර්ග ලෙස සැලකෙයි. 



Recommended Articles