ඉරානය සහ වෙනිසියුලාව ප්‍රධාන ගිවිසුමකට පැමිණේ


වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ විසින් ටෙහෙරානයේ කළ සංචාරයේදී  දෙරට අතර 20 වසරක සහයෝගීතා ගිවිසුමකට අත්සන් තැබූ බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

ලෝකයේ වඩාත්ම පීඩනයක් එල්ලව වී ඇති රටවල් දෙකක් විසින් ඇති කර ගත් ගිවිසුම විවිධ ක්ෂේත්‍රවල සබඳතා වර්ධනය කිරීම සඳහා දෙරටේ ඉහළ පෙළේ නිලධාරීන්ගේ අධිෂ්ඨානය පෙන්නුම් කරන්නක් බව ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි රාජ්‍ය රූපවාහිනියේ ප්‍රකාශ කළේය.

දෙරට අතර නව ගිවිසුම පිළිබඳ තොරතුරු මෙතෙක් ප්‍රසිද්ධියට පත් කර නොමැත. කෙසේ වෙතත්, ඔහුගේ සංචාරය අතරතුර, මදුරෝ සමග කෘෂිකර්මය, තාක්‍ෂණය, තෙල්, සන්නිවේදන, සංචාරක සහ ප්‍රවාහනය ඇතුළු ක්ෂේත්‍රවල නිලධාරීන්ද එක්ව සිටියහ. එය ජාතීන් දෙක අතර සහයෝගීතාවයේ ක්ෂේත්‍ර සංකේතවත් කළ හැකි බව විදෙස් මාධ්‍ය පවසයි.

ඉරානය සහ වෙනිසියුලාව යන දෙකම එක්සත් ජනපදයේ දැඩි සම්බාධක යටතේ පවතින අතර, මදුරෝට අනුව, ජාත්‍යන්තර ප්‍රශ්න සම්බන්ධයෙන් ඔවුන්ට පොදු දැක්මක් ඇත. සම්බාධක යුද්ධයේදී සහ ඒවාට ස්ථීර ලෙස මුහුණ දීමට ක්‍රම සොයා ගැනීමට ඔවුන් සැලසුම් කරයි.



Recommended Articles