ඉරානය වැළැක්වීමට ගෝලීය ප්‍රජාව පියවර නොගතහොත් ලෝක තෙල් මිල ඉහළ යා හැකි බවට සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු අනතුරු අඟවයි.
එසේ ක්‍රියා කිරීමට අපොහොසත් වීමෙන් ඉරානය ධෛර්යමත් කර යුද්ධයට තුඩු දිය හැකි බවත් එය ගෝලීය ආර්ථිකය විනාශ කරන බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.
කුමරු මෙසේ කිය සිටින්නේ ටෙහෙරානයට චෝදනා එල්ල වන සෞදියේ තෙල් පහසුකම්වලට පහර දීමේ පසුබිම තුළය.
මේ අතර, මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ ඝාතනය සම්බන්ධයෙන් යම් වගකීමක් තමන් භාරගත් බව මොහොමඩ් බින් සල්මාන් කුමරු පවසා තිබේ.
කෙසේ වෙතත්, සෞදි අරාබියේ නිල නොලත් පාලකයා ලෙස සැලකෙන කුමරු රියාද් විවේචනය කරන සෞදි මාධ්‍යවේදියෙකු වන කෂෝගි පෞද්ගලිකව ඉලක්ක කළ බවට සැක කෙරිණි.