ඉරානය යුරෝපා සංගමයට, එක්සත් රාජධානියට නව සම්බාධක පනවයි


ඉරානය ත්‍රස්තවාදයට සහාය දීම සහ ඉරානයේ ප්‍රචණ්ඩත්වය අවුලුවාලීම සම්බන්ධයෙන් යුරෝපීය සහ බ්‍රිතාන්‍ය පුද්ගලයින්ට සහ ආයතනවලට නව සම්බාධක පැනවූ බව විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

විශේෂයෙන්ම එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් විසින් වරින් වර ඉරානය වෙත සම්බාධක පැනවීමක් සිදුකළ අතර, එරට ආර්ථිකයද මෙම සම්බාධක හේතුවෙන් දැඩි පීඩාවකට ලක්ව සිටියි.

ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පැන නැගුණු මතභේදාත්මක කරුණු මෙම සම්බාධක කෙරෙහි ප්‍රධාන වශයෙන් හේතු වූ අතර, පසුව එය තවදුරටත් අවුලුවාලනු ලැබිණි.

කෙසේ වෙතත්, තම රටට එරෙහිව බටහිර විසින් පනවන සම්බාධකවලට ප්‍රතිචාර වශයෙන් මේ වනවිට ඉරානයද මේ ආකාරයෙන් සම්බාධක පැනවීමක් සිදුකරමින් සිටියි.



Recommended Articles