එක්සත් ජනපද ඒකපාර්ශ්විකත්වයට මුහුණ දීමට සහ ස්ථාවරත්වය සහ නීතියේ ආධිපත්‍ය ඇති කිරීමට සමාන අදහස් ඇති බලවතුන්ගේ උත්සාහයේ කොටසක් ලෙස ඉරානය චීනය සමග ඇති සබඳතා දකින බව ජනාධිපති ඊබ්‍රහිම් රයිසි පවසා තිබේ.
2021 දී අත්සන් කරන ලද දෙරට අතර 25 වසරක උපායමාර්ගික සහයෝගීතා ගිවිසුම සාර්ථකව ක්‍රියාත්මක කිරීම ටෙහෙරානයේ ප්‍රමුඛතාවක් බව රයිසි ප්‍රකාශ කළ බව රාජ්‍ය මාධ්‍ය පවසයි.
"ඒකපාර්ශ්විකත්වයට මුහුණදීම සහ ස්ථාවරත්වය සහ නීතියේ අධිපත්‍ය ඇති කිරීම ස්වාධීන සහ සමාන අදහස් ඇති බලවතුන්ගේ සහයෝගීතාවයෙන් කළ හැකියි. වත්මන් කලාපීය හා ගෝලීය වර්ධනයන් ඉරාන-චීන උපායමාර්ගික සහයෝගීතාවයේ වටිනාකම වෙන කවරදාටත් වඩා පෙන්නුම් කරනවා" යැයි ඔහු පැවසීය.
ත්රස්තවාදයට එරෙහිව සටන් කිරීමට සහ ඒකපාර්ශ්විකත්වය නිෂ්ක්‍රීය කිරීමට, විශේෂයෙන් වත්මන් තීරනාත්මක හා නොසන්සුන්කාරී තත්ත්වය තුළ විශිෂ්ට බලපෑමක් ඇති කරන, ටෙහෙරානය සහ බීජිං අතර උපායමාර්ගික ආරක්ෂක සහයෝගීතාව වැඩිදියුණු කිරීම සිය අරමුණ බවද ඉරාන නායකයා පවසා තිබේ.