එක්සත් ජනපද සම්බාධක සහ නව කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් ඉරානය ඉතිහාසයේ දුෂ්කරම අවස්ථාව මේ වසරේ ගත කරමින් සිටින බව ඉරාන ජනාධිපති හස්සන් රොයුහානි රූපවාහිනියෙන් ජාතිය අමතා කියා සිටියි.
"සතුරාගේ ආර්ථික යුද්ධයෙන් සහ කොරෝනා වෛරස වසංගතයෙන් මේ වසර අපේ රටේ ඉතිහාසයේ දුෂ්කරම වසරයි. වසර 140ක් පුරා අප මෙවැනි වසංගතයකට මුහුණදී නැහැ" ජනාධිපතිවරයා කියා සිටියේය.
ඉරානයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව ඉරානයේ COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 220,000 ඉක්මවා ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව 10,500 ඉක්මවා තිබේ.
අප්‍රේල් මාසයේදී ඉරානයේ ආසාදිතයන් අඩු වුවද, මැයි සහ ජුනි මාසවලදී නැවතත් ආසාදිතයන් වැඩි වූ බැවින්, මුඛ ආවරණ අනිවාර්යය කිරීමේ නීතියක් ගෙනඑන බවද ඉරාන ජනාධිපති හස්සන් රොයුහානි පවසා සිටියේය.