ඉරාන නැවියන්ට බ්‍රිතාන්‍ය හමුදාව අමානුෂික වූවාලු - ඉරාන කපිතාන්


ඉරාන ඉන්ධන ප්‍රවාහනය කරමින් සිටියදී බ්‍රිතාන්‍යයේ රාජකීය මැරීන් භටයන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ නෞකාවේ කපිතාන්වරයා තමාට අමානුෂික ලෙස මැරීන් භටයන් සැලකූ බව පවසා තිබේ.

යුරෝපා සංගමයේ සම්බාධක නොතකමින් සිරියාව වෙත ඉන්ධන ප්‍රවාහනය කරමින් සිටි බවට චෝදනා කර ඉරානයට අයත් නෞකාව රාජකීය මැරීන් භටයන් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.

එහිදී, තම නෞකාවේ නිරායුධ නැවියන් සියලු දෙනා නැව් බඳ මත දණගස්වා ඔවුන් වෙත අවි අමෝරමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුවූ බව කපිතාන්වරයා පවසා තිබේ.

මෙම මෙහෙයුමට මැරීන් භටයන් 42 දෙනෙකු සම්බන්ධ වී ඇති අතර, මහා බ්‍රිතාන්‍යයට අයත් ගිබ්රාල්ටාර් දූපත් රාජ්‍ය විසින් කරන ලද ඉල්ලීමක් මත මැරීන් භටයන් ඊට සම්බන්ධ වී තිබේ.



Recommended Articles