ජපාන අගමැති ෂින්සෝ අබේ ඉරානය වෙත නිල සංචාරයක් වෙත පැමිණෙන අතර, මෙය එරටට එල්ල වී ඇති ජාත්‍යන්තර සම්බාධක පිළිබඳ සහ අභ්‍යන්තර දේශපාලනය පිළිබඳ කෙරෙන කතාබහක් බව කියැවෙයි.
විශේෂයෙන්ම ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් වොෂිංටනය සහ ටෙහෙරානය අතර හටගෙන ඇති නොරුස්සුම සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමුවනු ඇත.
කෙසේ වෙතත්, මෙම සාකච්ඡාවෙන් බලාපොරොත්තු වන ආකාරයේ ප්‍රගතියක් අත්කරගත නොහැකි වනු ඇති බව නිරීක්ෂකයෝ පවසති.
එලැඹෙන ජපාන මැතිවරණය අභියස ගෝලීය වශයෙන් කතාබහ කෙරෙන රාජ්‍ය තාන්ත්‍රිකයෙකු බවට පත්වීමට අගමැති අබේ මෙම සංචාරයේ නරත වන බවටද කතාබහ පවතී.
දශක හතරක ඉතිහාසයේ ඉරානය වෙත සංචාරය කරන ප්‍රථම ජපාන අගමැතිවරයා අබේ වන අතර, ඔහු ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා ඛමේනි සහ ජනපති හස්සන් රොයුහානි සමග සාකච්ඡා පැවැත්වීමට සූදානමින් සිටියි.